Neo Advertising රාජගිරිය ඔබේසේකර වලඋව
සේලක ගුණරත්න අහලා තියෙනවද රාජගිරිය ඔබේසේකර වලව්ව ගැන. සිංහල සිනමාවේ බිහිවූ විශිෂ්ඨතම චිත්‍රපටය වන "නිධානය" චිත්‍රපටය රූගත වුණේ මේ වලව්වේදී.. වර්තමානයේ නම් මේ වලව්වට ඛේදජනක ඉරණමක් අත්වෙලා තියෙන්නේ...වලව්වේ ගොඩක් ගොඩනැගිලි කොටස් කඩා දමලා බිත්ති කිහිපයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.. මේ වගේ ජාතික උරුමයක් වෙන්න ඕනේ වටිනා ස්ථානයක් මේ විදිහට ජරාවාස වෙලා භාරකරුවෙක් නොමැතිව විනාශ වෙලා ගියේ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක්. මේ වලව්වේ හිටපු අවසන් ඔබේසේකරවරයා මරණයට පත්වන්නේ 2001 දී..මේ අවසන් ඔබේසේකරවරයා පාකින්සන් රෝගියෙක්.... මේ වලව්වේ අතීත තොරතුරු රාජගිරියේ පදිංචි ඩබ්ලිව්. කුමාර මහතා ඉරිදා ලංකාදීප රසවිත පත්තරයට මෙලෙස පවසා තිබෙනවා... ‘‘ඔබේසේකර වලව්වේ මුල් හිමිකරුවා වුණේ ඩොනල්ඩ් ඔබේසේකර මහ මුදලිතුමා. ඔහු කලක් කෝට්ටේ නගරාධිපති ධුරයද දරා තිබෙනවා. ඒ මුදලිතුමාට පුතුන් දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා ඇලික් ඔබේසේකර හා ප්‍රෙඩ්රික් ඔබේසේකර. ඇලික් ඔබේසේකර මහා වලව්වේ හිමිකරුවා වූ අතර ප්‍රෙඩ්රික් ඔබේසේකරටද එ් හා සමාන වලව්වක් ඒ අසලින්ම හදලා දීලා තියෙනවා. මේ දෙන්නට ඒ කාලේ හිටපු ගැමියො කිව්වේ හාමු කියලා තමයි. උඩ වලව්ව ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියූ වලව්වක්. එංගලන්තයේ මහ රැජින පවා භෝජන සංග්‍රහයකට සහභාගි වූ ස්ථානයක්. හාමුලා දෙන්නටම තුවක්කු දෙකක් තිබුණා. බල්ලෝ රංචුවක්ම ආරක්ෂාවට හිටියා. ඉස්සර මේ වලව්වට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම්. අඩුම වශයෙන් වලව්ව ළඟ බෙරයක්වත් ගහන්න තහනම්. බෙර ගහනවා නම් වලව්වෙන් අවසර ගන්න ඕනැ. එතකොට කොළඹ නගරයටම කිරි දුන්නේ ඇලික් ඔබේසේකර හාමුට අයත්ව තිබූ විශාල ගව පට්ටියකින්. ගෝන්නු, මුවෝ, මොනරු, වලිකුකුල්ලු වලව්වේ ඇති කළා. ඇලික් ඔබේසේකර හාමු අවිවාහක හුදකලා ජීවිතයක් තමයි ගතකළේ. දෙවැනි හාමු ප්‍රෙඩ්රික් ඔබේසේකර. ඔහු පළමුවෙන්ම ආදරය කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු ජාතික සුදු තරුණියකට. ඇය ඕස්ට්‍රේලියාවේදී විවාහක කාන්තාවක් වුවත් පස්සේ දරුවන් සමග ඇවිත් මේ වලව්වේ ප්‍රෙඩ්රික් හාමු මියයනතුරුම ජීවත් වුණා. ප්‍රධාන වලව්වේ ජීවත් වූ ඇලික් හාමුට වීල්ස් වර්ගයේ ජිප් රථයක් තිබුණා ප්‍රෙඩ්රික් හාමුට ස්කෝඩා කියන මෝටර් රථයක් තිබුණා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා අධ්‍යක්ෂණය කළ ‘‘නිධානය’’ චිත්‍රපටියේ රූගත කිරීම් කරලා තියෙන්නේ ඇලික් ඔබේසේකර හාමු ජීවත් වූ මහා වලව්වේ තමයි. ඒ කාලේ මේ වලව් දෙක අවට ජන ශුන්‍ය ප්‍රදේශයක් බව ඩබ්ලිව්.කුමාර මහතා ප්‍රකාශ කළේය.. පහතින් කියවන්න තියෙන්නේ අන්තර්ජාලයේ "අන්සතු දිනපොත" බ්ලොග් වෙබ් අඩවියෙන් උපුට ගත්‍ත විස්තරයක්... Thursday, February 23, 2012 ...මුලු කොළඹම එකපාර දැකගන්න කොහෙටද යන්න ඕනි. මේ කාලෙනම් කෙනෙක්ගෙන් ඔය ප්‍රශ්නය ඇහුවොත් බුග් ගාල උත්තර දෙයි කොටුවෙ ලෝක වෙළඳ මධ්‍යස්ථානය කියල. නමුත් මීට කාලෙකට ඉස්සර ඒ කිව්වෙ ශතවර්ශයකට පමණ පෙර කොළඹම දකින්න තිබුනෙ ස්ථාන කීපයයි. ඔයින් දෙක තුනක් බොහොම බලගතු තැන් වෙලා තිබුන. එක්දාස් අටසිය ගනන් වල අවසාන භාගයෙ තැනුන රාජගිරියෙ ඔබේසේකර වලව්වත් ආන්න ඒ වගේ තැනක්. එතනට ගියෑම මුලු කොළඹම පේනව කියලයි කස්ටිය කියන්නෙ. මේ ඔබේසේකර වලව්වෙ නියම නම උභය සේකර වලව්ව කියල යාලුවෙක් බ්ලොග් එකක කියල තිබුන. ඒ යාලුව කියන විදියට මේ උභය සේකර වලව්ව ඒ කාලෙ ආයුර්වේද වෛද්‍යවරයෙක් තමා ඉඳල තියෙන්නෙ. මේ හිටපු උන්නැහැ බොහොම බලගතු කෙනෙක්. මුස්ලිම් සිංහල සහ දෙමළ වෙද පරපුරවල් එකට ඉන්දල මේ ඔබේසේකර වලව්වෙදි මහ සමුලුවක් තිබිල තියෙනවා. එතනදි ආපු තීරණ තීන්දු මත තමයි පසු කාලීනව සිංහල වෙදකම බොහොම බලගතු දෙයක් වෙන්නෙ. වික්‍රමාරච්චි වෙද මහත්තය පසුකාලීනව ගම්පහ වික්‍රමාරච්චි ආයුරුවේදය හදන්නත් මේ සිද්දිය මූලික වෙලා කියල යාලුව කියනවා. ඒ බ්ලොග් එකේ සඳහන් වෙන විදියට මේ වලව්ව එකල දේශීය වෙදකමේ හාස්කම් තිබුණ තැනක්ලු. සිංහල චිත්‍රපට ඉතිහාසයේ මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම සිනමා කෘතියක් ලෙස සලකන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිධානය සිනමාපටයට පසුබිම දී ඇත්තේද මේ වලව්වයි. මේ වාර්ථාවකියන අන්දමට මේ වන විට මේ වලව්ව පසුබිම මත ඇදුන සිහල සිනමාවේ රිදී රේඛාවක් වන වන නිධානය චිත්‍රපටයේ මුල් පිටපත දැන් පිලිස්සී ගොසිනි. තවදුරටත් මේ නිධානය සිනමාපටය අපට නැරඹිය නොහැකි බව මේ සරසවිය පත්‍රය කතුවරයාගේ අදහසයි. නිධානය කතා වස්තුව ඉතා සුලු එකක් වුවත් එහි සිනමාත්මක භාවය ඉතා ඉහල යයි විචාරකයින් බොහොමයක් අදහස් කර ඇත. ආසියාෙව් හොඳම චිත්‍රපට අතරට අදත් මේ නිධානය යන සිනමාපටය ඇතුලත් වෙනබවක් තමයි වෙබ් අඩවි වල සඳහන් වෙන්නෙ. කොහොම උනත් මේ බ්ලොග් එක බලන කෙනෙක් ලඟ නිධානය ෆිල්ම් එක සල්ලි වලට ගන්න හරි තියෙනවනම් මට පෝඩ්ඩක් කමෙන්ට් එකකින් සපෝට් එකක් දෙන්න ෆිල්ම් එක හොයාගන්න. මේ වලව්ව ආශ්‍රිතව ප්‍රධාන දර්ශන රූපගත කල චිත්‍රපට අතර කහ බලල්ලු නම්න් ෆිල්ම් එකකුත් තියනව කියල කතාවක් තියෙනවා. කොහොම උනත් වපසරියෙන් විශාල වලව්වක් තමා මේක. මේක හොඳට තිබුන කාලෙ සීයකට දෙසීයකට උනත් කිසි කරදරක් නැතුව නවාතැන් ගන්න පුලුවං හොඳ තත්වයක දෙමහල් පායක් විදියට තියෙන්න ඇති. මේ වලව්ව හදල තියෙන්නෙ තනිකර කුඩු ගල් වලින්. ඒ කිව්වෙ අර තිරුවාන ගල් වගේ ගල් ජාතිය හතරැස් දිගට මෝඩ ගැඩොල් වගේ කපල තමා හදල තියෙන්නෙ. මේ වලව්වෙ වහලය නිම වෙලා තියෙන්නෙ සිංහල උළු වලින්. ඒ කාලෙ බොහොම ප්‍රතාපවත් විදියට මේක තියෙන්නෙ ඇති. ඉතාම නාගරික භූමි භාගයක ඔබේසේකර වලව්ව පිහිටලා තිබුනත් ඒ වලව්ව අසල තියෙන මහ පතාක රූස්ස ගස් සහ අවට තියෙන අඳුරු ගතිය අපිට කොළඹ අවටින් නම් හොයාගන්න බොහොම අමාරුයි. විශේෂයෙන් රාජගිරිය අවටින්. මේ ඉඩම තරමක් විශාල එකක්. ඒ ඉඩමෙ බොහොම විශාල ගස් දහයක් පාලහක් තියෙනවා. මේ ඉඩම මේ හරියෙ ආර්ථික වටින කමත් එක්ක සංසන්දනය කලොත් විශාල වටිනකමක් තියෙන තැනක්. විශේසයෙන් තියෙන ගහ කොල සහ නිසංසල පසුබිම දැක්කම මටනම් හිතෙන්නෙ මේ ඉඩම වඩා සුදුසු වෙන්නෙ සංචාරක බංගලාවකට කියලයි. නිධානය චිත්‍රපටයෙ කැමරාකරණය කරපු මහත්මය දැන් ඉන්නෙ අමරිකාවෙ ඔහුතමයි ගැහැනු ලමයි කියන චිත්‍රපටියෙත් කැමරාකරණය කරල තියෙන්නෙ. ඉතා හොඳ මට්ටමක කැමරාකරණයක් මේ නිධානය පුරාවට තියෙනව කියලයි වාර්ථාවල සඳහන් වෙන්නෙ. නිධානය ෆිල්ම් එකේදි වලව්ව ඇතුලත ඇති සාමාන්‍ය අඳුරු ස්වභාවය තමුන්ට තරමක් අභියෝගයක් එල්ල කල බව අපේඒ අධ්‍යක්ෂ මහත්තය කියල තිබුන. ..

Comments
Post a Comment