Neo Advertising ඩයනා කුමරියගේ කතාව
මැරුණා කිවුවට ඩයනා කුමරිය මැරිලා නෑ ඩයනා කුමරිය ගැන අමුතු කතාවක් අපි ආදරේට ඇයට කිවුවේ “එංගලන්තයේ රෝස කුසුම” කියලා. ඩයනා කුමරිය, ඔව් ඇය තමයි ලෝකේ වැඩිම දෙනෙක් හඬවා අවසන් ගමන් ගිය සුරූපිණිය. ඩයනා ජීවිතක්ෂයට පත්වෙලා ඊයේට අවුරුදු 20ක් සම්පුර්ණ වෙනවා. හැබැයි මේ පාර ඩයනා කුමරියගේ සොහොන් කොත ලගට ඇවිත් මල් කලඹක් තියන්න හිට්යේ විලියම් කුමරු සහ හැරී කුමරු විතරයි. චාල්ස් කුමාරයට පවා ඩයනාගේ මළගම දැන් අමතක වෙලා. ඇත්තටම දැන් ඔබට ඒ ගැන පුදුම හිතෙයි. හැබැයි මේ කතාවේ අවසානයට යද්දී සමහර විට ඔබ කෙනෙක්ට සාප කරයි. ඩයනා ඉගෙන ගන්න දක්ෂ කෙනෙක් නෙවෙයි. ලස්සන විතරක් අරන් මේ ලෝකෙට ආපු ඇය දෙපාරක්ම සාමාන්‍ය පෙළ අසමත් වුණා. හැබැයි ලොවෙන් එකෙක් මොකක්ම හරි දෙකට දස්කම් දැක්වුවා වගේම ඩයනා පියානෝ වාදනයෙන් කන් පිරෙවුවා. ඔබ දන්නවද ඇය පිහිනීමට හරිම කැමති කෙනෙක්. ඒ වගේම බැලේ සහ ටැප් Dancing ඉගෙනගත්තා. ඉවුම් පිහුම් ගැන විශේෂ පාඨමාලාවක් සම්පූර්ණ කලත් ඉවුවේ නං කලාතුරකින්. එංගලන්ත රජ පවුලට එක් වුණු පඩියක් ලැබෙන Job එකක් කරපු පලවෙනි රාජකීය මනාලිය තමයි ඩයනා කුමරිය, අඩු පඩි ලැබෙන Jobs සෑහෙන ගානක් කරලා තියෙනවා. නර්තන උපදේශිකාවක් විදිහට, පෙර පාසල් සහායිකාවක් විදිහට, නිවාස පිරිසිඳු කරන්නියක් විදිහට, ළමයින් බලාගන්න Nanny කෙනෙක් විදිහට වගේම පෙර පාසල් ගුරුවරියක් විදිහටත් රැකියාව කරලා තියෙනවා. ඩයනා කුමරියට චාල්ස් කුමාරයව මුණ ගැහෙන්නේ 1977දි. එතකොට ඩයනට අවුරුදු 16 යි. චාල්ස් මුලින්ම යාළුවෙලා හිටියේ ඩයනාගේ අක්කා සාරා එක්ක. හැබැයි 1980 දී ග්‍රීෂ්ම උත්සවයකදී ඩයනා ව දැක්කම තමයි චාල්ස්ට ඩයනා ගැන අදහසක් ඇතිවෙන්නේ. ඒ අදහස ඇතිවෙලා අවුරුද්දක් යන්නත් කලින් තමන්ට වඩා අවුරුදු 12ක් බාල ඩයනා කුමරිය තමන්ගේ කරගන්න චාල්ස් කුමාරයාට පුළුවන් වෙන්නේ ඔහු රාජ කුමාරයෙක් නිසා වෙන්න ඇති. 1981 පෙබරවාරි 24 ඩයනා චාල්ස් විවාහ ගිවිස ගැනීම සිද්ධ වෙනවා. එදා ඩයනා විවාහ ගිවිස ගැනීමේ මුද්ද විදිහට තෝරාගෙන තිබුනේ රාජකීය ස්වර්ණාභරණ සපයන්නා කලින් හදලා තිබුණු මුද්දක්. ලංකාවේ නිල් මැණිකක් සහ දියමන්ති 14ක් මේ මුද්දට අල්ලලා තිබුනා. දැන් ඒ මුද්ද තියෙන්නේ කේට් කුමරිය ළඟ. කොහොම වුනත් 1981 ජුලි මාසේ 29 චාල්ස් ඩයනා විවාහය සිද්ධ වුණා. ඇගේ මංගල ඇඳුම අඩි 25ක් දිගයි. ඒ තමයි එදා මෙදා තුර රාජකීය පවුලේ දිගම මංගල ඇඳුම. ඒ වගේම ඇය තමයි බ්‍රිතාන්‍ය රජ පවුලට අවුරුදු 300කට පස්සේ එකතු වුනු ඉංග්‍රීසි ජාතික මනාලිය. මේ මංගල්‍ය ලොව පුරා වැඩිම දෙනෙක් සජීවීව නැරඹු මංගල උත්සවය බවටත් පත්වුනා. විවාහයෙන් අවුරුද්දක් ගතවෙද්දී ඩයනා චාල්ස් මැද්දට තුන් වෙනියෙක් ආවා. ඒ විලියම් කුමරු. 1984 වෙද්දී ඩයනා චාල්ස් පුංචි පවුලට තවත් සාමාජිකයෙක් එකතු වුණා. ඒ හැරී කුමරු. එතනින් පස්සේ තවත් අවුරුද්දක් විතර මේ පුංචි පවුල තමයි ලෝකේ සතුටින්ම හිටපු පවුල වුනේ. හැබැයි 1985 අවුරුද්දේ එක්තරා දවසක හීනෙකින්වත් හිතපු නැති අකුණු සැරයක් මේ රජ පවුලට වදිනවා. ඒ කැමිලා පාකර්. ඩයනා කුමරියට දැනගන්න ලැබෙනවා චාල්ස් කුමාරයා කැමිලා සමග අනියම් සම්බන්ධයක් පවත්වනවා කියලා. ඒකට පලිය ගන්න හිතාගෙන ඩයනා කුමරිය ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට ලං වෙනවා. හැබැයි සිද්ධ වෙන්නේ මේ නූල් බෝලය තවත් පැටලෙන එක. චාල්ස් ඩයනා ප්‍රසිද්ධියේම එකිනෙකාට චෝදනා කරගන්නවා. ඒ අතර චාල්ස් තමන්ගේ පෞද්ගලික ලේකම් එක්කත් යාළුවෙනවා. ඩයනා අශ්වාරෝහක පුහුණුකරු එක්ක යාළුවෙනවා. මේ අවනඩුව උසාවිය හමුවේ දික්කසාදයකින් කෙලවර වෙන්නේ ඩයනට පවුම් ඩොලර් මිලියන 17ක වන්දියක් සහ වාර්ෂිකව පවුම් ලක්ෂ 4ක වන්දියක් ගෙවන්න චාල්ස් කුමාරයට නියම කරමින් මේ කසාදෙ කටු ගෑවුනේ 1996 දි. එතකොට ඩයනා කුමරිය මියගියේ අදින් වසර 20 කට කලින් 1997 අගෝස්තු 31. ඔව් දැන් ඔබට හිතුනු දේ හරියටම හරි. ඩයනා කුමරිය මැරෙද්දි චාල්ස් කුමාරයාගෙන් දික්කසාද වෙලා හිටියේ. ඒ බව රජ පවුල මුළු ලෝකෙන්ම වහන් කරේ ලැජ්ජාවට. ඊළගට අපි ඔබට කියන දෙයින් ඔබ තවත් පුදුම වෙයි. ඩයනා කුමරිය 1997 සැප්තැම්බර් 01 වෙනිදා, ඒ කියන්නේ මීට හරියටම අවුරුදු 20කට කලින් අද වගේ දවසක, එහෙමත් නැත්තන් ඩයනා මියගිය දිනයට පස්සේ දවසේ ආයිත් විවාහ වෙන්නයි හිතාගෙන ඉඳලා තියෙන්නේ. ඒ ඩයනා එක්කම මේ අනතුරින් මියගිය “ඩොඩී” කියන පෙම්වතා එක්ක. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඩයනා ඩොඩී එක්ක ප්‍රංශයට ආවේ සංචාරයකට. ඒ අතර තුරයි මේ අනතුර සිද්ධ වුනේ. දැන් ඔබ මොනවද හිතන්නේ… ඩයනා කුමරිය මැරුණද? මැරුවාද? නිගමනයකට එන්න පුලුවන්ද? බැරි නම් මේ කතාවත් අහන්න. ඩයනා කුමරියගේ ජිවිතේ අන්තිම පැය 24 ඇතුලේ සිද්ධ වුනු දේවල් ගැන සියත 24 අපි හොදට අධ්‍යනය කරලා බැලුවා. අපිට හම්බවුනු තොරතුරු වලට අනුව ඩයනා කුමරිය මියගිය දවසට කලින් දවසේ ඇය හෝටල් කාමරයේ ඉඳලා ඩොඩී සමග එලියට ඇවිත් ඔවුන්ගේ කාරයට ගොඩ වෙනවා. මේ බව ඩයනා ගැන ඔත්තු බලමින් හිටපු පැපරාසින්ට ආරංචි වෙනවා. ගතවෙන ඊලග තත්පරේ පැපරාසි ඩයනා ගමන් කරන කාරය වට කරගන්නවා. යන්න ආපු ගමන වෙනස් කරගෙන පැපරාසීන්ගෙන් බේරෙන්න ඩයනා ගමන් කරන කාරයේ ගමන් මග වෙනස් කරගන්නවා. ඊට පස්සේ ආයිත් රිට්ස් හෝටලයට එනවා. ඒ වෙද්දීත් මේ ආරංචියට බොහෝ පිරිසක් හෝටලය වටේ රැකගෙන හිටියා. මේ කරදරෙන් බේරෙන්න ඩයනා හෝටලයෙන් පිට වෙන්න තීරණය කරනවා. එකට හැමෝම අනුබල දෙන්නේ කාගේ හෝ සැලසුමකට අනුවයි. අගෝස්තු 31 ඉරිදා රෑ 12.06 ට ඩොඩී සහ ඩයනා ඔවුන්ගේ කාමරයෙන් එලියට එනවා. 12.14 ට ඩයනා සහ ඩොඩී හෝටලයේ පිටුපසින් ගිහින් කාරයට නගිනවා. 12.19 වෙද්දී ඩයනා කුමරිය තමන්ගේ අවසන් ගමන ආරම්භ කරලා තිබුනේ. මේ කාරය වෙන එකක්. අවුරුදු 3ක් විතර පරණයි. පැපරාසීන්ගෙන් බේරෙන්නයි මේ උපක්‍රමය. හැබැයි ඒක සාර්ථක වුනේ නැහැ. එක්තරා ඡායාරුප ශිල්පියෙක් ක්ෂණිකව තමන්ගේ කැමරාව ක්‍රියාත්මක කරනවා. ඒ තමයි ඩයනා කුමරියගේ අවසන් ඡායාරුපය. 12.20 වෙද්දී කාර් එක ගංගාවක ඉවුර දිගේ අධිවේගී මාර්ගයක් බලා ගමන් කරනවා. ඒ වෙලාවේ ඩයනා සහ ඩොඩී Seat Belt දාලා හිටියේ නැහැ. හැබැයි ආරක්ෂක නිලධාරියා Seat Belt දාලා හිටියේ. ඒක වෙන්නේ කොහොමද? වෙනදට ඩයනා අනිවාර්යෙන් Seat Belt දානවා. ආරක්ෂක නිලධාරියා Seat Belt දාන්නේ නැහැ. හදිසි අවස්ථාවලට මුහුණ දෙන්න ඕන නිසා. මොකක්ම හරි වරදක් මෙතන සිද්ධ වෙලා තිබුනා. 12.23 ට රථය අල්මා උමං මාර්ගය ඔස්සේ පැයට සැතපුම් 85 ක් පමණ වේගයකින් ඉස්සරහට ගියා. ඒ වෙලාවෙ බිමත්ව හිටපු රියදුරුට වාහනයේ වේගය පාලනය කරගන්න බැරි වෙනවා. බිමත් රියදුරු මේ සැලැස්මේ තවත් ඉත්තෙක්. 13 වන කණුව පහුවෙද්දීම වාහනය අනතුරට ලක්වෙනවා. කැරකිලා ගිහින් උමං බිත්තියේ වාහනය හැප්පෙනවා. තත්පර කිහිපයකින් පිටුපස කෙනෙක් අරිනවා. ඒ වෙද්දී ඩයනා තාමත් ජිවතුන් අතර. ඇයත් එක්ක පිටුපස අසුනේ ගිය පෙම්වතා ඩොඩී සහ රියදුරු එතනම මියගිහින්. ආරක්ෂකයා ජිවතුන් අතර. හැබැයි බරපතල තුවාල. 12.24 වෙද්දී එතනට තව පිරිසක් වටවෙනවා. ඩයනාගේ තත්වය හොදයි. නළලේ කැපුම් තුවාලයක් තිබුනා. ඉක්මටම ඔවුන් ගිලන් රථයකට එන්න කිවුවා. 12.30 පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එතනට එනවා. ඒ අතරතුර ඩොඩී මියගිය බව දැනගන්නා ඩයනා “අනේ මගේ දෙවියනේ” යයි කියනවා. 12.35 ට තවත් පොලිස් භටයන් එනවා. මේ අතරතුර සමහර පැපරාසි පලා යාමට තීරණය කරනවා. 12.54 වෙද්දී ‘ඩයනා, වේල්ස් කුමරිය, තවත් පුද්ගලයෙකු සමග මිය ගිය බව” මුළු ලෝකයටම දැනුම් දෙනවා. මේ අතර එංගලන්තයේ ඉන්න චාල්ස් කුමාරයාට ඇමතුමක් එනවා. “සර්, පැරිසියේ බරපතල අනතුරක් වෙලා තියෙනවා. ඩොඩි මැරිලා, වේල්ස් කුමරියට තුවාල වෙලා” අනිත් පැත්තෙන් ඇහුනු ඒ ප්‍රශ්න වලට චාල්ස් උත්තර දුන්නා. ‘ඩයනා හරිද?’ ‘අපි විශ්වාස කරනවා, සර්. අපි ඇත්තටම දන්නේ නැහැ. ‘ චාල්ස්ට ලැබුනේ එහෙම උත්තරයක්. මේ කතා බහ ඇතිවෙන වෙලාවෙත් මුළු ලෝකෙටම ඩයනා මියගිය බවා දැනුම් දුන්නත් ඩයනා තවමත් ජිවතුන් අතර. 2.10 වෙද්දී ඇය ගිලන් රථය ඇතුලේ ප්‍රතිකාර ලබමින් හිටියේ. ලග තිබුණු රෝහල පහුකරගෙන වැඩි පහසුකම් තියෙන සැතපුම් 4ක් දුරින් තියෙන රෝහලකටයි ගිලන් රථය ගමන් කරේ. හැබැයි විනාඩි 10න් යන්න පුළුවන් ඒ ගමනට ගිලන් රථය විනාඩි 20ක කාලයක් ගන්නවා. ඒ වෛද්‍යවරයාගේ අණ නිසයි. කුමරියගේ සිරුර අභ්‍යන්තරයේ රුධිර වහනයක්. ඒ නිසා ටික ටික හුස්ම ගන්න එක ඩයනා කුමරියට අපහසු වෙනවා. කුමරියට හුස්ම ගන්න ලේසි වෙන්න ගිලන් රථයේ වේගය බාල වෙනවා. මේ වෙද්දී උමං මාර්ගයේ වාහන ගමනා ගමනය සම්පුර්ණයෙන්ම යථා තත්වයට පත්කරන්න පොලීසිය කටයුතු කරා. හරියට කලින් ලෑස්තිවෙලා හිටියා වගෙයි ඔවුන් වැඩ කරේ. මේ අතර චාල්ස් ප්‍රංශයේ ඉන්න අයගෙන් ඩයනා කුමරිය ගැන විස්තර දැන ගන්නවා. කොහොම හරි පාන්දර 4 වෙද්දී ඩයනා කුමරිය හිට්යේ රෝහලේ ශල්‍යාගාරයේ. එතැනදී ඩයනා කුමරිය සදහටම ජිවිතයෙන් සමුගන්නවා. හැබැයි තව ටිකක් කලින් කුමරියව ගෙනාවනම් ජිවිතේ බේරගන්න තිබුණා කියලයි පස්සේ කාලෙක බොහෝ දෙනා කිවුවේ. ගොඩාක් දිග රාත්‍රියක සිද්ධ වුණු කතාව කෙටියෙන් තමයි මේ කිවුවේ. දැන් ඔබට මොකද හිතෙන්නේ. ඇත්තටම ඩයනා කුමරිය මැරුණද? මරවාද? ඔබම නිගමනයකට එන්න… මේ පාර ඩයනා කුමරියගේ සොහොන් කොත ලගට ඇවිත් මල් කලඹක් තියන්න හිට්යේ විලියම් කුමරු සහ හැරී කුමරු විතරයි. ඩොඩී සහ ඩයනා කුමරිය වෙනුවෙන් තැනූ ස්මාරකය සටහන – සජීව / පාරමී









Comments

Popular Posts