Neo Advertising තරා දේවගන ලන්ඩන්
ඡායාරුප...පහන් කුමාරසිරි ලන්ඩන් . රොබට් බවුන්රිග් පැහැර ගත් තාරා දෙවගණ ලන්ඩනයේ පිහිටි බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ආසියානු අංශයට පිවිසෙන ස්ථානයේ පිහිටුවා ඇති අඩි හතරහමාරක් පමණ උස ඔපදැමූ අති සුන්දර දෙවගනකගේ පිළිරුවක් එතැනට වසරකට එන දස ලක්ෂ සංඛ්‍යාත අමුත්තන්ගේ අවධානය දුටු මොහොතේම උදුරා ගන්නේය.අතිශයින්ම ආකර්ශනිය උඩු කය නිරුවත් මෙි දෙවගනගේ ප්‍රතිමාව දුටු දුටුවෝ ඒ මොහොතේම තමන් සිටි තැන අමතකව ඇගේ මුල අග සොයන්නට වෑයම් කරති.මේ ප්‍රතිමාවට අදාල සටහනේ මෙසේ සටහන් වේ.”ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව අතර ස්ථානයක තිබි හමු වූ මෙ තාරා දෙවගනගේ ප්‍රතිමාව ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරව සිටි රොබර්ට් බවුන්රිග් (1812-1820) විසින් මෙම කෞතුකාගාරයට ලබා දෙන ලදී” මෙ ප්‍රතිමාව අයිති වූ ලංකාවේකොළඹ පිහිටි කෞතුගාරයේ ඇති ලාභ ප්ලාස්ටර් ඔෆ් පැරිස් අනුරුවක මෙසේ ලියා තිඛෙි.“බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති තාරා දෙවඟනගේ ප්‍රතිමාෙවි අනුරුවකි”.මෙි ප්‍රතිමා දෙකේ විස්තර බලන විට ඉංග්‍රීසි විජිතවාදින්ගේ කෘරත්වයත් ඔවුන්ගේ ලාංකික අනුගාමින්ගේ දීනත්වයත් ප්‍රතිමාවට අමතරව අපූර්වට ප්‍රදර්ශනය කරන්නේය.එය වඩා තේරුම් ගත හැක්කේ නුතන ලංකිකයා අමතක කර සිටින තාරා දෙවගන කවුරුන්දැයි හා ඇය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට වැඩියේ කේසේදැයි දැන ගැනිමෙන්ය. මහායාන බෞද්ධයෝ මතු බුදු වන අවලෝකීතේශ්වර නාථ දේවියන්ගේ ප්‍රියම්භිකාව වන තාරා දෙවඟනට නාථ දෙවියන්ට පමණටම පුද සත්කාර කරති.එයට හේතුව ඇය කරුණාවෙ සහ මෛත්‍රියේ දෙවගන වීමයි.දෙවගනකට කරුණාව සහ මෛත්‍රිය නියෝජනය කරන්නට ලැබීම මහායාන බුද්ධාගමට පැරණි අදහසක් වුවත් නුතන ලෝකයට පවා අගනා අදහසකි.ස්ත්‍රින් තුළ ඇති කරුණාව මෛත්‍රිය සෙනෙහස නොදැන සිටින මනුෂ්‍යයෙක් ෙමි ලොව තුළ නොසිටිය යුතු තරම්ය.අප විසින් මහායාන බුදුවරුන් මෙන්ම දෙවි දේවතාවුන් අදහමින් සිටි යුගයේ අපේ රට පුරාම අවලෝකිතේශ්වර නාථ ප්‍රතිමා මෙන්ම තාරා දෙවගනගේ ප්‍රතිමාද රටපුරා පිහිටුවා තිබුනෙමු.අදටත් මාලිගාවිල කුෂ්ඨරාජාගල සහ බුදුරුවාගල යන අපට අවලෝකිතේශ්වර නාථයන්ගේ ප්‍රතිමා තවමත් ඉතිරි වී තිඛෙනු දකින්නට පුළුවනි. ථේරවාද සංකල්පයන් විසින් මහායාන බුදු දහම විශ්වාස කිරීම ලැජ්ජාවට පත් කරන තෙක්ම සිංහල බෞද්ධයෝ අනුරාධපුර යුගයේ පටන් මහනුවර යුගය දක්වාම නාථ මෙන්ම තාරා දෙවගනගේ පිහිට ආරක්ෂාව පැතූහ.සිංහල බෞද්ධයන්ගේ සෑම දුක් කරදරයකදීම මේ දෙපොලගේ පිහිට ආරක්ෂාව පැතුෙවිය. ඈත කප් කෙල ගනන් බුදු බව පතා විවර ලදින් සහතුට වීතරාගත් එර්දි නුවනත් පහකල කරවන ලෙවන් හැම විට පාතතොටගමු විහාරයේ වැඩ සිටන දෙවියනි දහම් සිහි කොට දොත මුදුනේ තබා වැන්දෙමි නාථ ෙදිවියනේ නුවන දෙන් මට මේ අපූර්ව ජන කවියෙන් සිංහල බෞද්ධ මනස තුළ නාථ දෙවියන් වැඩ සිටි ආකාරය අපූර්වට ප්‍රදර්ශනය කෙරෙන්නේය.පසු කළේක දකුණු ඉන්දියාෙවි සිට ලංකාවට ගෙනෙනු ලැබූ විෂ්ණු කතරගම සහ ගනපති බඳු හින්දු දෙවිවරු ලාංකික මනසේ වීරයන් කෙරෙද්දී නාථ දෙවියෝ තාරා දෙව්දුව සමග මෙ ලක් බිමෙන් ඉවතට වැඩියෝය. දැන් අපට සොයා ගත හැක්කේ ලංකාෙවි නාථ දේවාලයක තිබුනු මේ අගනා තාරා දේවගනගේ පිළිමය බ්‍රිතාන්‍ය අතට පත් වූ ආකාරය සොයා ගැනීමයි.ලංකාවේ මුහුදුබඩ පළාත් ඉංග්‍රීසින්ගේ නැගෙනහිර ඉන්දිය වෙළද සමාගමට යටත් වන්නේ 1798 පටන්ය.ඉංග්‍රිසිහු මේ අවුරුද්ද පටන් 1815 දක්වා දාහත් අවුරුද්දක් විටින් විට උඩරටට කඩා වැදුනාහ.මහනුවර අගනගරය කොල්ල කෑවාහ.විටින් විට ගිනි දමා විනාශ කිරීමට වග බලා ගත්හ.නමුත් 1815 තෙක්ම අඩරට ආක්‍රමණයකළ ඉංග්‍රිසින්ට එහි තිබු අගනා මුතු මැණික් රන් රත්‍රං රාජාභරන සහ ඔටුනු මෙන්ම පූජා භාණඩද කොල්ල කෑමට නොහැකි විය.යුරොපිය ආක්‍රමණිකයන්ගේ ආරම්භයේ පටන්ම උඩරට රජවරු සහ එහි වැසියෝ ආක්‍රමණිකයන් එද්දී නිරන්තරයෙන්ම තමන් සතු වටිනා කියන දෑ රැගෙන ඌවට පලා ගොස් පසුව පැමිණ ඔවුන්ට පහර දී එලවා දැමීමට පුරුදු වී සිටියෝය.16 වන සියවසේ පටන් 19 වන සියවස දක්වාම උඩරැටියෝ ස්වකීය රාජ්‍යය ෙබිරා ගැනීමට මේ ගරිල්ලා යුද උපායන් යොදා ගත්තේය. 1798 පටන් 1805 දක්වා ලංකාෙවි ඉංග්‍රිසි ආණ්ඩුකාරයා වූයේ ෆෙඩ්රික් නොර්ත්ය.නොර්ත් යටතේ ඉංග්‍රිසි හමුදා අවස්ථා 2කදී මහනුවර නගරයට කඩා වැදී දැවැන්ත විනාශයක් කලා පමනක් නොව ඒ වෙනුවෙන් බිහිසුනු මිනිස් වන්දිද ගෙවුහ.මේ කාලය තුළ ඉංග්‍රිසි හමුදාව මහනුවර නාථ දේවාලයේ තිබු තාරා දෙවගනගේ පිළිරුව කොල්ලාකෑවනම් එය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ප්‍රධානය කරනු ඇත්තේ බවුන්රික් නොව නොර්ත් අණඩුකාරයය.1815දී සුප්‍රකට ඉංග්‍රිසි ඔත්තුකරු ජෝන් ඩොයිලිගේ මැදිහත් වීමෙන් ලේ බිඳකුද නෙවගුරුවා මහනුවරට කඩා වැදුනු ඉංග්‍රිසි හමුදාවට ඔවුගේ පූර්වගාමින්ට මුහුන දීමට සිදු වු කටුක අත්දැකීම් වලට මූහුණ දීමට සිදු නොවුනේය.සුපුරුදු පරිදි ඔවුහු තමන් සතු වටිනා පූජා භාණ්ඩ සහ අනෙකුත් වස්තු රැගෙන ඌවට පළා යෑමට අවශ්‍ය බවක් ඔවුහු නොදැන සිටියේය.රොබට් බවුන්රිග් අතට මහනුවර නාථ දේවාලයේ තිබූ තාරා දෙවගනගේ පිළිරුව වැඩි කලබලයකින් තොරව රොබට් බවුන්රික් අතට පත් වන්නේ මෙ නිසාය. 1820 රොබට් බවුන්රිග් ලංකාවෙන් පිට වේද්දී ඔවුන් පෙරලා රැගෙන ගිය බඩු මළු අතර තාරා දෙවගන වැඩ සිටි බවට කිසිදු සැකයක් නැත.නමුත් එතුමියගේ නළල් පටයේ තිබූ දැනට කුහර පමණක් ඉතිරි වී ඇති දුසිමක් පමණක් වන අගනා මාණික්‍ය වලට සිදු වූයේ කුමක්ද?මෙහිදී අපට උපකල්පනයන් 2ක් ගොඩ නගා ගත හැක. • නාථ දේවාලයේ තාරා දෙව්දුව පැහැර ගත් ඉංග්‍රිසි භට කණ්ඩායම මැණික් ටික ගලවාගෙන පිළිමය පමණක් භාර දේනනට ඇත. • එංගලන්තයට ගෙන ගිය තාරා දෙව් දුවගේ පිළිමයේ තිබුනු මැණික් ගල් සමූහය රොබට් බවුන්රිග් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට භාර දීමට පෙර ගලවා ගන්නට ඇත. මෙසේ බවුන්රිග් තාරා දෙවඟනගේ ප්‍රතිමාව බ්‍රිතානය කෞතුකාගරයට ලබා දුන්නත් එහි අධිකාරිහු තවත් කාලයක් එය ප්‍රදර්ශනය කිරීමට ලැජ්ජාවෙන් කෞතුකාගාර ගබඩාවල සඟවා තැබූහ.වික්ටෝරියානු සුචරිතවාදයෙන් මොල සේදී තිබූ ඉංග්‍රිසින්ට 8 වන සියවසේදි පමණ ලාංකික කලාකරුවක් නිර්මානය කල මේ ශ්‍රේෂ්ඨ පිළිරුව බි්‍රතානය කෞතුකාගරයට ප්‍රදර්ශනයට තැබිමට තවත් කාලයක් ගත වුනේය.සමහර විට ඉංග්‍රිසි වික්ටෝරියානු සුචරිතවාදයෙන් මොල නරක් කරගෙන සිටින ලාංකිකයන්ට පෙරලා මෙම දෙවඟන ගෙන්වා ගත්තත් ප්‍රදර්ශනය කිරීමට යෑෙමිදී තරමක් මානූෂික දුෂ්කරතාවන්ට මූන දීමට සිදු වනු ඇත කොහොම නමුත් තව අවුරුදු දෙතුන් සියයක් ගිය තැන ලාංකිකයන්ට නැති වූ පුරුෂ ශක්තිය යළි පහල වී මේ අගනා ප්‍රතිමාව මෙරටට අපසු ලබා ගත්තද එතුමිය පැළද සිටි නළල් පටයේ මැණික් යළි කිසිදාක දකින්නට ලාංකිකයන්ට නොහැකි වනු ඇත.ලෝකඩයෙන් නිමවා අපූර්වට ඔප දැමූ තාරා දෙවගනගේ අගනා ප්‍රතිමාව භක්තිය පසෙකලා බැලූවත් ලොව මෙතෙක් නිමවා ඇති අංග සම්පූර්ණ ස්ත්‍රි ප්‍රතිමා වලින් එකක් බවට කිසිදු සැකයක් නැත්තේය.ඒසා පරිපූර්ණ ස්ත්‍රි රුවක් දකින්නට ලැඛෙන අනාගත ලාංකිකයන් එතුමියගේ නළල් පටයේ තිබූ මැණික් අමතක කර ප්‍රතිමා වල අපුර්වත්වයත් සුන්දරත්වයත් භක්තියක් හොඳින්ම විඳිනු ඇති බවට කිසිදු සැකයක් නැත.



Comments

Popular Posts